වැටහිරකන්ද අලි මංකඩ අලි ඇතුන් වෙනුවෙන් වෙන් කෙරේ

වැටහිරකන්ද අලි මංකඩ අලි ඇතුන් වෙනුවෙන් වෙන් කෙරේ
  • SocialShare:

අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, වැටහිරකන්ද අලි මංකඩ මෙරට ප්‍රධාන අලි සංක්‍රමණික මාර්ගයක් ලෙස හඳුනාගෙන සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

උඩවලව ජාතික වනෝද්‍යානය සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ කරන මෙම අලි කොරිඩෝව, පානම, කුමන සහ යාල වනාන්තර ප්‍රදේශවල සිට උඩවලව දක්වා ගමන් කරන වන අලින්ට ඇති ප්‍රධානතම සහ එකම පටු වනාන්තර තීරුව ලෙස සැලකේ.

වන අලින්ට බාධාවකින් තොරව සංක්‍රමණය වීමට අවශ්‍ය පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම කලාපයේ පිහිටි අනවසර ඉදිකිරීම් සහ වගාබිම් ඉවත් කිරීමේ නෛතික හා ප්‍රායෝගික වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම අලි මංකඩ ස්ථිරව සුරක්ෂිත කිරීම සඳහා ගැසට් නිවේදන මගින් නීතිමය ආරක්ෂාව ලබාදීමටද රජය පියවර ගෙන තිබේ.

භූගෝලීය වශයෙන් ඉහළ වැදගත්කමක් හිමි වැටහිරකන්ද අලි කොරිඩෝව, වන අලි සංරක්ෂණයට මෙන්ම අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ප්‍රයත්නයටද සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ප්‍රධාන සංක්‍රමණික මාර්ගයක් ලෙස සැලකේ.