රජයක් ලෙස ඉතාම සැලසුම් සහගතව, වේගයෙන් වැඩකටයුතු කරගෙන යන යමින් ජනතාවට ප්රතිලාභ ලබා දෙමින් තිබෙන බවත්, වත්මන් ආණ්ඩුව ඒ වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, ඊයේ (20) කෙරවලපිටියේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් රේගු බහාලුම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ වනවිට හඳුනාගත් හදිසි ගැටළු රාශියක් තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා පෙර පැවති රජයන් විසින් සිදු කරන ලද ඇතැම් වංචා දූෂණ හේතුවෙන් මෙරට සංවර්ධනය අඩාල වීමට හේතු වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රන්නායක මහතා;
“බලුමැන්ඩල් ප්‍රදේශයෙන් අක්කර 02 ක් ලබා දෙනවා. ජනවාරි 31 වනවිට මෙය රේගු කටයුතු පහසු කිරීමට සංවර්ධනය කිරීම පිණිස හඳුනාගත් ස්ථානයක්. මෙතැන අක්කර 20 කට අධික ප්‍රමාණයක් තිබෙනවා. නීත්‍යානුකූල අයිතිය තිබෙන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට, වරායේ දැනට ඇති වී තිබෙන තත්ත්වයත් සමඟ, මෙම ස්ථානය වඩාත් වැදගත් වන්නේ කන්ටේනර් පරීක්ෂණ කටයුතු සඳහායි. මේ ඇතිවී තිඛෙන තත්වයට පැලැස්තර නොදමා මධ්‍යකාලීන විසඳුමකට යන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ සඳහා සුදුසු තැන මෙම ස්ථානයයි. මේ වනවිට පරිසර තත්ව වාර්තා ආදී සියල්ල සිදුකර අවසන්.ඒ නිසා ඉතාම ඉක්මණින් රේගු පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන මධ්‍යස්ථානයක් ගොඩනගනවා. එමගින් වරායේ දැනට ඇතිවී තිබෙන ප්‍රශ්න වලට හැකි ඉක්මණින් මධ්‍යකාලීන විසඳුමක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා " යැයි පැවසීය.
එමෙන්ම, "පරීක්ෂා කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන් නොමැතිකම, රාත්‍රී කාල වලදී පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ නැහැ. ලොරි රථ රියදුරන් වරායෙන් නිදහස් කල බහාලුම පවා වරාය තුල බොහෝ වෙලාවක් රඳවාගෙන සිටිනවා, ඒ වගේම ස්කෑන් යන්ත්‍රවල අඩුපාඩුකම් තිබෙනවා. වරාය තුළ ඇතිවූ තත්තවය සමනය කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව සමහර ආයතන කටයුතු කළත්, බොහෝ දෙනෙක් ඒ උපදෙස් අනුව කටයුතු නොකරන බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යතුයි.
පැය 24 කටයුතු කරන බව කිව්වත් එසේ වන්නේ නැහැ. ඒ වගේම වාහන ගාල් කිරීම වෙනුවෙන් පෑලියගොඩ ස්ථානයක් සැකසුවත්, කන්ටේනර් රියදුරන් එම ස්ථානයේ තම වාහන ගාල් කරන්නේ නැහැ. ඔවුන් තවමත් වරාය තුළ වාහන ගාල් කරනවා. ඒ වගේම නැව් ආයතනවල වාප්පු ලිපිකරුවන් ඇවිත් තමන්ගේ බහාලුම් නිදහස් කරගැනීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වුවත්, මේ වනතෙක් ඔවුනගෙන් අපට නිසි සහාය ලැබුනේ නැහැ. මෙය වරායේ වගකීමක්ම නොවෙයි. වරාය කියන්නේ පවුලක්. ඒ නිසා ඒ පවුලට අයත් සියලු දෙනා මේ සඳහා කැපවිය යුතුයි. ජනවාරි 31 දක්වා අපි අධීක්ෂණය කරනවා. ඒ දක්වාත් අදාළ පිරිස් වෙතින් සහායක් නොලැබෙනවානම් , අපි ඇත්ත තත්වය ජනතාවට හෙළිකරනවා. ආණ්ඩුව කැප වෙනවානම්, අනෙක් අයගේත් කැපවීම අත්‍යාවශ්‍යයි " යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය, ජනාධිපති ලේකම් ඇතුළු වරාය අමාත්‍යාංශයේ පේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.