පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වත්මන් රජයේත් ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (20) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ (Liner Accelarator Machines) තෝරා ගත් රජයේ රෝහල්වල ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ය.
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා වර්තමානය වන විට බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගී තත්ත්වය ජනතාව අතර පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, එය මර්දනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ශක්තිමත්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීම ඇතුළුව විවිධ ප්‍රායෝගික වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙන බව ද පැවසීය.
පළාත් කිහිපයක් ආවරණය වන පරිදි රෝහල් පහක් දෙවන අදියර යටතේ තෝරා ගෙන අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ ස්ථාපිත කිරීමට පියවර ගැනීම තුළින් පිළිකා රෝගීන්ට දුර බැහැර ගෙවා රෝහල් කරා පැමිණීම වෙනුවට තමා පදිංචි ප්‍රදේශය ආසන්නයේ ම රෝහලෙන් එම ප්‍රතිකාර ලබා ගැනීමට පහසුව ලැබීම තුළ රෝගීන්ට පමණක් නොව එම රෝගී පවුල්වල සාමාජිකයන්ට පවා මහත් සහනයක් සැලසෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ත්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ රෝහල් නවයක අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ (Liner Accelarator Machines) ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර දෙවන අදියර යටතේ පළාත් පහක ශික්ෂණ රෝහල් පහක මෙම යන්ත්‍ර පහක් ස්ථාපිත කිරීමට නියමිතය. සමස්ත ව්‍යාපෘතිය යටතේ මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ යන්ත්‍ර 14 ක ස්ථාපනය කරන බව ද මෙහි දී අනාවරණය විය.
එම යන්ත්‍ර උතුරු මැද පළාත ආවණය වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේත්, වයඹ පළාත ආවරණය වන පරිදි කුරුණෑගල ශික්ෂණ රෝහලේත්, ඌව පළාත ආවරණය වන පරිදි බදුල්ල ශික්ෂණ රෝහලේත්, දකුණ පළාත සහ නැගෙනහිර පළාත ආවරණය වන පරිදි හම්බන්තොට ශික්ෂණ රෝහලේත්, සබරගමුව පළාත ආවරණය වන පරිදි රත්නපුර ශික්ෂණ රෝහලේත් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සදහා ඩොලර් මිලියන 16 ක් ආයෝජනය කර ඇති අතර දෙවන අදියර සදහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 13 කි. සමස්ත ව්‍යාපෘතිය සදහා ව්‍යාපෘති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 29 ක් වේ.
මෙම ගිවිසුම් ගතවීම Elekta UK ආයතනයෙහි උපායමාර්ගික අලෙවි සහ අලෙවිකරණ අධ්යක්ෂ කුන්තල් බද්‍රා මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් අතර සිදුවිය.
Elekta UK සමාගම සහ Siyol International ආයතනය මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ මෙරට රජයේ රෝහල්වල ස්ථාපනය කිරීම, නඩත්තුව සහ ඉදිරි කටයුතු සිදුකරණු ලබයි.
ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, රජයේ වෛද්‍ය භෞතික විද්‍යාඥයින්ගේ සංගමය සහ රජයේ විකිරණවේදී තාක්ෂණවේදීන්ගේ සංගමය මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ඔවුන්ගේ සාමුහික විශේෂඥතාව සහ කැපවීම ලබා දී ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, ප්‍රධාන නීති නිලධාරීනී ඒ.ආර්. අහමඩ්, Elekta සමාගමේ මෙරට නියෝජිත Siyol International හි විකිරණ චිකිත්සක ව්‍යාපෘති උපදේශක රමේෂ් වර්කෝට් යන මහත්වරුන් ද රෝහල් අධ්යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්වූහ.