දකුණු පළාත තුළ ස්ථානීය දඩ මුදල් GovPay හරහා ගෙවීම අද(20) සිට

දකුණු පළාත තුළ  ස්ථානීය දඩ මුදල් GovPay හරහා ගෙවීම අද(20) සිට
  • SocialShare:

දකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව සහ බස්නාහිර පළාත් රථවාහන දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ සේනාධීර මහතා පැවසීය.


අද(20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
දකුණු පළාතේ පොලිස් ස්ථාන 69ක පොලිස් නිලධාරින් 150කට ආසන්න සංඛ්‍යාවකට මේ සඳහා අවශ්‍ය Gov Pay යෙදවුම සහිත දුරකතන පහසුකම් ලබා දී ඇතැයිද නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා සඳහන් කළේය.

රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම මේ වන විට බස්නාහිර පළාත සහ දකුණු පළාත ආවරණය කර ඇති බව ත් ඉදිරියේදී සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ ක්‍රමය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇතැයි මෙම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පැවසීය.
මෙම වසර අවසානයට පෙර ලංකාව පුරා පිහිටි සියලුම පළාත් තුළ අන්තර්ජාලය හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.