Dream Destination ව්‍යාපෘතියට අනූව නවීකරණය වූ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට

Dream Destination ව්‍යාපෘතියට අනූව නවීකරණය වූ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
  • SocialShare:

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ  ජාතික වැඩසටහනේ පළමු ව්‍යාපෘතිය  ලෙස තල්පේ දුම්රිය  ස්ථානය ජනසතු කිරීම අද (02) ප්‍රවාහන මහාමාර්ග,නාගරික සංවර්ධනය අමාත්‍ය බිමල්‍  රත්නායක  මහතාගේ  සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

Clean Sri Lanka වැඩසටහනත් යටතේ ක්‍රියාත්මක වන Dream Destination ව්‍යාපෘතියට අනුව  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත්එ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩසටහන මඟින් තල්පේ දුම්රිය ස්ථානයේ කාර්යාල පරිශ්‍රය,waiting area ,වැසිකිළි ,ප්‍රවේශ පහසුකම් ,ආබාධිත  පුරවැසි මාර්ග ප්‍රවේශය සහ බැංකු ස්වයංක්‍රිය ටේලර් (ATM) පද්ධතිය ආදී නවීකරණ කටයුතු  රැසක් ද ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව , ස්ටාර් ගාමන්ට් පුද්ගලික සමාගම ලක්ෂ 550ක මූල්‍ය වටිනාකමක් සහිතව මෙහි අළුත්වැඩියා කටයුතු   වෙනුවෙන් අනුග්‍රහය  දක්වා ඇත.