ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව (78th Session of WHO Regional Committee for South-East Asia) සඳහා මෙරටට පැමිණ සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සන්ධානවල නියෝජිතයන් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා හමු වී ඊයේ සහ අද පෙරවරුවේ දී එම සමුළුව පැවැත්වෙන පරිශ්‍රයේ දී සාකච්ඡා සිදු කරන ලදී.
මෙහි දී එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානයේ (Global alliance of vaccines and immunization -GAVI) Chief Country Delivery Officer ලෙස කටයුතු කරන තබානි මාෆෝසා මහතා (Thabani Maphosa), මාලදිවයින් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල්ලා නසීම් ඊබ්‍රහිම් (Abdulla Nazim Ibrahim), තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍ය H.E. Mr Pattana Promphat සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවන් ද මෙහි දී පැවැත්විණි.
ටිමෝර් ලෙස්ටේ (Timor Leste) හි ආයතනික සෞඛ්‍ය ශක්තිමත් කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ජෝස් ඩොස් රීස් මැග්නෝ (H.E. Mr Jose dos Reis Magno - Vice Minister for Institutional Health Strengthening ), තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍ය H.E. Mr Pattana Promphat සහ මාලදිවයින් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල්ලා නසීම් ඊබ්‍රහිම් (Abdulla Nazim Ibrahim) යන අමාත්‍යවරුන් මෙරට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා හමුවී විශේෂ සාකච්ජාවක නිරතවිය.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් කළ විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් හා නියෝජිතයින් එම සේවාව අඩු පිරිවැයකින් ගුණාත්මක පවත්වා ගෙන යාම පිළිබඳව තම ප්‍රසාදය ද මෙහි දී පළ කර සිටියේ ය.
ශ්‍රී ලංකාව ඉතා මිත්‍රශීලි රටක් බව පෙන්වා දුන් විදේශීය නියෝජිතයින් මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමණය වෙනුවෙන් ලබා දිය හැකි සහය නිබඳව ලබා දීමට කටයුතු කරන බව ද ඔවුන් මෙහි දී අමාත්‍යවරුන් හමුවේ පවසා සිටියේ ය.
සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙල පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී විදේශ නියෝජිතයින්ට කරුණු පැහැදිලි කර සිටියේ ය.
මෙම අවස්ථාවන් වලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.


