විදුලි බිලට හැකි උපරිම සහනයක් ලබාදීමට රජය මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
විදුලි බිල වැඩි කිරීම රජයේ බලාපොරොත්තුව නොවන බවද, ස්ථාවරව සහන මිලකට විදුලිය ලබාදීමටත් කර්මාන්ත කරුවන්ට සහනයක් ලබාදීම සඳහාත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණයක් සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
එමනිසා රාජ්‍ය සමාගම් 04කට විධිමත් පරිදි මෙම කටයුතු බාරදීමට සූදානම් වන බවද මේ වන විට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති බහුතරයක් සහ සමස්ථ සේවකයන්ම පාහේ මෙයට එකඟ වී ඇතැයිද ඒ අනූව කටයුතු සිදුවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.


