74 වැනි නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

74 වැනි නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
  • SocialShare:

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2025 ජනවාරි 15 ගිණිකොන විධාන නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, පොතුවිල් මූලික රෝහලේ රුධිර බැංකුවට අවශ්‍ය රුධිරය ලබාදීමේ අරමුණින් ගිණිකොන නාවික විධානය විසින් සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් හැට දෙනෙකු (60) විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීම සිදු කෙරිණි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.