වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 61කට ජනාධිපති සමාව

වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 61කට ජනාධිපති සමාව
  • SocialShare:

අදට (30) යෙදෙන වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබේ.

එම පිරිසෙන් රැඳවියන් 33 දෙනෙකු අද දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ ජනාධිපති සමාව ප්‍රදානය කර ඇති බවද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.