49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ

 49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ
  • SocialShare:

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (15) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ දී ජාතික රට හරහා දිවීමේ තරඟයෙන් ආරම්භ විය. තරඟ ඉසව් 33 කින් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සමන්විත වේ.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගී වූ අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා විද්‍යාතනය, ක්‍රීඩා වෛද්‍යාතනය, උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනය ආදී ආයතනයන් හි ප්‍රධානීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, සියලුම ඉස්සව් වලින්, හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර, ජාත්‍යන්තරයට රැගෙන යාම වත්මන් රජයේ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම සහ අරමුණ බවයි. තවද, ඉදිරියේ දී ,දියුණු , විනයගරුක යහපත් පුරවැසියන් නිර්මාණයට අවශ්‍ය ක්‍රීඩා සංස්කෘතියක් මෙරට ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

ක්‍රීඩාව හරහා නිරෝගිමත්, ශක්තිමත් මෙන්ම දියුණු අනාගතයක් සහිත තාරුණ්‍යයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එමඟින් මත්ද්‍රව්‍ය වලට මෙරට තාරුණ්‍යයේ වන බරපතළ පෙළඹීම අඩු කරීමට හැකි වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ජය පරාජය කෙසේ වෙතත් සහභාගී වීම වඩා වැදගත් බවත්, සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කරන බවයි. මෙරට ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් සියලු දෙනා දායක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර ඉදිරි කාලවල දී පැවැත්වීමට නියමිත, ජාත්‍යන්තර තරඟාවලි කිහිපයක් මෙරටට පැමිණ ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.