විදුලි වැට නඩත්තු සහයකවරු 3451කට ස්ථිර පත්වීම්

විදුලි වැට නඩත්තු සහයකවරු 3451කට ස්ථිර පත්වීම්
  • SocialShare:

වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තු සහකාර (තුන්වන) iii වන ශ්‍රේණියට බදවා ගැනීමේ පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවය අද(13) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් 100,000ක් බදවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බදවා ගත් පිරිසෙන් දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන අභ්‍යාසලාභීන් 3451ක පිරිසකට මෙලෙස විදුලි වැට නඩත්තු සේවකයින් ලෙස ස්ථිර පත්වීම් හිමි විය.
සංකේතාත්මකව ස්ථිර පත්වීම් ලාභින් 50 දෙනෙකු සඳහා පරිසර අමාත්‍යවරයා විසින් පත්වීම් ලබා දුන් අතර උත්සව සභාව අමතමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසුවේ " වර්තමාන රජය යටතේ වැඩිම පිරිසකට එකවර පත්වීම් ලබාදුන් පළමු අවස්ථාව මෙය වන බවත් ජාතික ගැටලුවක් බවට පත්ව තිබෙන අලිමිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබනන්ගෙන් ඉහල දායකත්වයක් අවශ්‍ය බවයි”
අලි මිනිස් ගැටුම කළමනාකරණය වෙනුවෙන් රජය සුවිශේෂී දායකත්වයක් සහ මැදිහත්වීමක් සිදු කරන අතර මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකරතිබේ. එය කිලෝමීටර් 5644ක් පුරා විහිදී පවතින අතර විදුලි වැට බලගැන්වීමේ කුටි 647ක් ක්‍රීයාත්මකයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.