වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27% කින් වාර්තාගත ලෙස ඉහළට

වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27% කින් වාර්තාගත ලෙස ඉහළට
  • SocialShare:

මෙම වසරේ පළමු කාර්තුව තුළ දී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය සඳහන් කරයි.‍

2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇත. 2025 වර්ෂයේ පළමු මස 3 තුළ දී ලැබී තිබූ විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815 කි. (බිලියන 1.815) 2026 ජනවාරි මසදී ඩොලර් මිලියන 751, පෙබරවාරී මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී තිබේ.

විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට රාජය මුල්‍ය විශ්වාසය, විනිවිදභාවය හා  විදෙස්ගත ශ්‍රමිකයින්ට  නීත්‍යානුකූල ක්‍රමවේද භාවිත කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උනන්දු කරවිම හේතු වී ඇතැයිද එම කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර මේ වසරේ ජනවාරී සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙනකු රැකියා සඳහා විදේශ ගත වී තිබේ.