2026 අයවැයෙන් කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කර ගත් වැඩසටහනට රුපියල් මිලියන 200ක්

2026 අයවැයෙන් කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කර ගත් වැඩසටහනට රුපියල් මිලියන 200ක්
  • SocialShare:

2026 අයවැය යෝජනා යටතේ 'කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කර ගත් වැඩසටහන' සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ප්‍රධාන වශයෙන් මධ්‍යම මට්ටමේ ව්‍යවසායක කාන්තාවන් ඉහළ මට්ටමේ ව්‍යවසායකයින් බවට පත් කිරීම, දේශීය හා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ඇති කිරීම, මධ්‍යම මට්ටමේ ආදායම්ලාභී කාන්තාවන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම, රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත හිංසනයට පත් කාන්තාවන් සඳහා සහන සැලසීම සහ නිලධාරි ධාරිතා සංවර්ධනය එකී වැඩසටහන යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත.

විශේෂ අවධානයක් යොමු කළ යුතු ආර්ථික මට්ටම්වල සිටින කාන්තාවන් ඉලක්ක කර ගනිමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මඟින් 'ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබලගැන්වීම්' වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, ප්‍රධාන වැඩසටහන් ක්ෂේත්‍ර 11ක් යටතේ සකස් කරනු ලැබ ඇති වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම - 2026ට අනුගතව, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.