2026 යල කන්නයට යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

2026 යල කන්නයට යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

2026 යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම තහවුරු කිරීම සඳහා තවත් යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, යල කන්නය සඳහා මුළු යූරියා අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 75,000ක් පමණ වන බවයි. මේ වනවිට රට තුළ පවතින සංචිතවලින් මෙට්‍රික්ටොන් 48,297කට අධික ප්‍රමාණයක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිලදීගෙන ගොවීන්ට බෙදාහැරෙමින් පවතින බවද ඔහු පැවසීය.

කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබාදීම සඳහා රජය මීට පෙරද අනුමැතිය ලබාදී තිබූ අතර, ගොවීන්ට නිසි වේලාවට පොහොර සැපයීම සඳහා රජය අමතර වියදම් දරා කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.