බස්නාහිර පළාත් සභාව විසින් රුපියල් ලක්ෂ 2500කට අධික මුදලක් වැය කර ඉදිකළ වීදියගොඩ ආයුර්වේද මූලික රෝහල් නව වාට්ටු සංකීර්ණය අද (14) ප්රතිකාර සේවාවන් සඳහා එක් කෙරිණි.
මෙම නව සංකීර්ණය තුළ බාහිර රෝගී අංශය, කාන්තා හා පිරිමි සාමාන්ය වාට්ටු දෙකක්, ගෙවීමේ වාට්ටු දෙකක්, පරිපාලන කාර්යාල පරිශ්රයක්, ශ්රවණාගාරයක්, වෛද්ය නිලධාරී හා සේවක විවේකාගාර සහ වෛද්ය නිල නිවාසයක්ද ඇතුළත් වේ. වාට්ටු හතරේ සමස්ත ඇදන් ධාරිතාවය 50කි
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූෂුෆ් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, කළුතර දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම් එස්.පී. හේරත්, බස්නාහිර පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.ඒ.කළුකපුආරච්චි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


