‘ඒහිපස්සිකෝ’ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න එක්වෙයි

‘ඒහිපස්සිකෝ’ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න එක්වෙයි
  • SocialShare:

පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ලෝකයටම සාමයේ පණිවිඩය ලබාදීමේ අරමුණින් සංවිධානය කර ඇති ‘ඒහිපස්සිකෝ’ ජාත්‍යන්තර සාම පාගමනෙහි (Walk for Peace Program in Sri Lanka) අද (27) ගමන් වාරයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහභාගී වූවා ය.

ඊයේ (26)  තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ වී රාත්‍රිය වන විට යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කළ මෙම සාම පාද යාත්‍රාව, අද උදෑසන යක්කලින් යළි ආරම්භ කර මේ වන විට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා ගමන් කරමින් පවතී. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය ද එම අවස්ථාවට එක් වෙමින් සාම පා ගමනේ යෙදෙන මහා සංඝරත්නයට සිය අභිමානවත් ගෞරවය පුද කළා ය.

දැඩි හිරු රශ්මිය ද නොතකා දහස් සංඛ්‍යාත ජනතාවක් මෙම සාම පාද යාත්‍රාවට සහභාගී වී සිටින අතර, උණුසුම හේතුවෙන් මාර්ගය රත්වීමෙන් පා ගමනේ යෙදෙන මහා සංඝරත්නයට සිදුවන පීඩාව අවම කිරීම උදෙසා මාර්ගයේ කෙසෙල් කොළ සහ පාවඩ එළීමටත්, මල් අතුරා ගෞරව දැක්වීමටත් බැතිමත්හු කටයුතු කළ හ.  බෞද්ධ ජනතාවට අමතරව අන්‍යාගමික නායකයින් මෙන් ම අනෙකුත් ආගමික සහ ජාතික කණ්ඩායම්වල නියෝජිතයින් ද මෙම පා ගමනට එක්ව සිටීමෙන්, ආගමික සහජීවනය සහ සාමය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් මුළු ලෝකයටම විදහා දැක්වේ.

මෙම ජාත්‍යන්තර සාම පා ගමනේ මීළඟ අදියර හෙට (28) දින පෙරවරු 11.00 ට කැලණිය රජමහා විහාරස්ථානයේදී පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිත ය.

අනතුරුව හෙට පස්වරු 4.00 ට නිදහස් චතුරස්‍රයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහභාගිත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන අතර, එහිදී ජනාධිපතිතුමා විසින් පඤ්ඤාකාර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දෙනු ලබයි. එතැන් සිට පස්වරු 5.30 ට යළි ආරම්භ කෙරෙන පා ගමන පස්වරු 7.00 ට කොළඹ ගංගාරාම විහාරස්ථානයට ළඟා වීමෙන් පසු නිමාවට පත්වනු ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය, ‘Clean Sri Lanka’ වැඩසටහන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසක් මෙම උතුම් සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ සහාය ල