රාජ්‍ය ආයතන සඳහා ඩිජිටල් තාක්ෂණයන් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම පිළිබඳ අතුරු මාර්ගෝපදේශ

රාජ්‍ය ආයතන සඳහා ඩිජිටල් තාක්ෂණයන් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම පිළිබඳ  අතුරු මාර්ගෝපදේශ
  • SocialShare:

බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එක්ව දුරස්ථ සේවා ක්‍රමවේදයට අදාළ නව මාර්ගෝපදේශ හඳුන්වාදී ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මැද පෙරදිග කලාපයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ඒ ආශ්‍රිත ගෝලීය ආර්ථික බලපෑම් හේතුවෙන් ඉන්ධන සැපයුම් සීමාවන් ඇතිවීමත් සමඟ කාර්යාල සේවා සීමිතව පවත්වාගෙන යාමට රජය මීට පෙර පියවර ගෙන තිබුණි.

ඒ අනුව රාජ්‍ය ආයතනවල සේවා දුරස්ථව සැපයීම සඳහා ඩිජිටල් තාක්ෂණයන් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම පිළිබඳව මෙම මාර්ගෝපදේශ හඳුන්වා දී ඇති අතර, රජයේ ලේඛන ඉලෙක්ට්‍රොනිකව නිර්මාණය කිරීම, අනුමත කිරීම සහ සංසරණය කිරීම නීත්‍යානුකූල බව ද අවධාරණය කර ඇත. ස්කෑන් කරන ලද අත්සන්, ඩිජිටල් අත්සන් හෝ නිල ඊ-මේල් මගින් හුවමාරු වන ලේඛන වලංගු ලෙස පිළිගන්නා බවද එහි සඳහන් වේ.

මෙහිදී රජයේ කටයුතු සඳහා හඳුන්වා දුන් meet.gov.lk මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකාව ප්‍රධාන සන්නිවේදන මෙවලමක් ලෙස භාවිතා කිරීමට නිර්දේශ කර ඇති අතර, අවශ්‍ය අවස්ථාවලදී වෙනත් වාණිජ වේදිකා සීමිත කාලයක් සඳහා භාවිතා කළ හැකි බවද දක්වා ඇත.

තවද රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීම හා තොරතුරු ආරක්ෂාව තදින් සුරක්ෂිත කිරීම සඳහා පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2026 අප්‍රේල් 23 දිනැති අංක 02/2026 චක්‍රලේඛය මගින් සියලුම අදාළ අංශවලට දැනුම් දී ඇත.

ඩිජිටල් අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක් වේ.

MoDE Media Release Remote Work Guidelines for Public Sector Sinhala 2024 04 27 page 0001