'ඒහි පස්සිකෝ' සාම පා ගමනේ හයවන දිනය අදයි

'ඒහි පස්සිකෝ' සාම පා ගමනේ හයවන දිනය අදයි
  • SocialShare:

ජාත්‍යන්තරව ඇගයීමට ලක්වූ “ඒහි පස්සිකෝ” - සාම පා ගමනේ හයවන දිනයවන අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් පා ගමන ආරම්භ වෙයි.

අද දිනයේ සාම පා ගමන කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.
හෙට (28) දිනයේ කැලණිය විහාරයේදී පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර, අනතුරුව පාද යාත්‍රාව නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරයි.
දින හතක පාගමන අවසානයේ සමාප්ති උත්සවය සහ සමගාමී සංස්කෘතික ප්‍රදර්ශනය, හෙට(28) විශේෂ රාජ්‍ය උත්සවයක් ලෙස කොළඹ නිදහස් චතුරස්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මීට සමගාමීව, 2026 අප්‍රේල් 28 සහ 29 යන දිනවල ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් ගංගාරාම පරිශ්‍රයේ දී ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ සම්ප්‍රදායික හස්ත කර්මාන්ත විදහා දැක්වෙන විශේෂ ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.
වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම සාම පාගමන පසුගිය 21 වනදා දඹුල්ල රජමහා විහාරය සිට ආරම්භ කර තිබේ.