මෙම වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්

මෙම වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්
  • SocialShare:

මෙම වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (10) අවසන් බව අධ්‍යාපන අමත්‍යංශය සඳහන් කරයි.

සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරය සහ මුස්ලිම් පාසල්වල පළමු වාරයේ තෙවන අදියර අදින් අවසන් වේ.

ඒ අනුව , සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරයත්, මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියරත් එළබෙන 20 වැනිදා ( සඳුදා) ආරම්භ කිරීමට නියමිතයි.