කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ වන විෂය පථයට අදාළව 2026 වර්ෂයේදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත් දැනට පවත්නා නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර ඇත.
ඒ අනූව පහත සඳහන් නව නීති හඳුන්වා දීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
• ළමයින්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කරන නව නීතියක් හඳුන්වා දීම.
• “ළමා අයිතිවාසිකම් පනත” ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුගතව නව පනතක් හඳුන්වා දීම.
• 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ඉවත් කර, ඒ වෙනුවට නව පනතක් හඳුන්වා දීම.
• කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනය කිරීම.
• 1939 අංක 48 දරන ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම.
• 1941 අංක 24 දරන ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥාපනත සංශෝධනය කිරීම.
• 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාර්ය පනත සංශෝධනය කිරීම.


