කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා පවත්වන ඉන්ඩස්ට්‍රි එක්ස්පො 2025 ප්‍රදර්ශනය එළඹෙන ජුනි 19 සිට 22 දින දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
Industery Expo 2025 පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය
ලෝකයේ තරඟකාරී සැපයුම්දාමයට මෙරට කර්මාන්තරුවන් සූදානම් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම රජයේ වගකීමක් බවත්, ඒ සඳහා තාක්ෂණික සහ ඩිජිටල්කරණ සහාය ලබාදීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව රටේ විවිධ ප්‍රදේශවල සිටින කර්මාන්තකරුවන්ට එකම වහලක් යටදී තමන්ගේ නවෝත්පාදන එළිදැක්වීමටද මෙහිදී අවස්ථාව හිමි වේ
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයක් තුළින් අපනයන කේන්ද්‍රයට, නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩ නැංවීමේ එක් පියවරක් ලෙස පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මඟින් කර්මාන්ත කේෂත්‍ර 25ක සුළු, මධ්‍ය හා මහා පරිමාණ අංශයන් නියෝජනය කරමින් දිවයිනේ දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි සංවිධානය කර ඇත.
දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ජාල ගොඩනැඟීම, විකුණුම්කරු ගැනුම්කරු හමු, අමුද්‍රව්‍ය සැපයුම් ජාල ගොඩනැඟීම, තාක්ෂණ හුවමාරුව, යන්ත්‍ර උපකරණ හඳුන්වාදීම මෙම ප්‍රදර්ශනය තුළින් පහසුකම් සළසා ඇත.
නව ව්‍යවාසයකින් හා දැනටමත් විවිධ කේෂත්‍ර තුළ නිරත ව්‍යවසායකයින් සඳහා ඔවුන් මුහුණ දෙන ගැටළු වලට විසඳුම් හා දැනුම හුවමාරු කර ගැනීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයට පහසුකම් සපයන සියළුම ආයතන වල සේවා පහසුකම් (One Stop) මධ්‍යස්ථානය මෙම ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර ඇත. පාසල් දරුවන්ගේ නවොත්පාදන කව සඳහා ද මෙම ප්‍රදර්ශනය විවෘත වේ.
පෞද්ගලික අංශයේ ආයතන රැසක් ප්‍රදර්ශනය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය දැක්වීමට එක් වී ඇති අතර, නිල අනුග්‍රාහකත්වය සංකේතාත්මකව පිරිනැමීමද මෙහිදී සිදු විය.