2025 ඔක්තෝබර් මාසයේදී සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ටයිම් අවුට් විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබේ.
එම මාසයේ වාර්ෂික සංචාරක ස්ථාන ලැයිස්තුව ද එළිදක්වන ඔවුන් උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමය සහ ස්වාභාවික සුන්දරත්වය සහිත ශ්‍රී ලංකාවට ප්‍රශංසා කර ඇති බව එහි සඳහන් වේ.
අපේ රට සංචාරකයින් සඳහා කදිම ගමනාන්තයක් බවත් , රන්වන් වෙරළ තීරයන් සහ කඳුකර කඳු නැගීමේ සිට පුරාණ නටබුන් සහ වනජීවී සෆාරි දක්වා, දිවයින නරඹන්නන් සඳහා සියලු දේ ලබා දෙන බව එම සඟරාව වැඩිදුරටත් සඳහන් කරයි.


