සමඟිය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමට සියලු ආගම් අතර සහෝදරත්වයේ හා ලබැඳියාව වැදගත් - අගමැති

සමඟිය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමට සියලු ආගම් අතර  සහෝදරත්වයේ හා ලබැඳියාව වැදගත් - අගමැති
  • SocialShare:

රට තුළ සමඟිය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමට සියලු ආගම් අතර වන සහෝදරත්වයේ හා ලබැඳියාවේ ආදර්ශය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඓතිහාසික මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද(13) පැවති අතර එම  අවස්ථාවට එක්වෙමින් අගමැතිවරිය මේ බව පැවසුවාය.

මෙම වාර්ෂික දේවස්ථාන මංගල්‍යය මෙවර සංවිධානය වූයේ 118 වැනි වරට වන අතර, ඒ සඳහා සහභාගි වූ අග්‍රාමාත්‍යවරිය වෙත බදුල්ල රදගුරු පදවි දරන අති උතුම් ජූඩ් නිශාන්ත සිල්වා රදගුරු හිමිපාණන් වහන්සේ සහ ගාල්ල රදගුරු පදවි දරන අති උතුම් රේමන් වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් වහන්සේ විසින් විශේෂ ආශිර්වාද පූජාවක් සිදුකරන ලදී.

ඉන් අනතුරුව දේවස්ථානයේ ප්‍රධාන ශාලාවේ දී මාතර ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර විශේෂ සුහද හමුවක් පැවැත්විණි.