පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීම ශ්‍රී ලංකාව පිළිගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම වැදගත් මුලපිරීම සඳහා නායකත්වය ගෙන කටයුතු කළ සෞදි අරාබියට සහ ප්‍රංශයට ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට සහ අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව, පලස්තීන ජනතාවගේ රාජ්‍යත්වයට ඇති අහිමි කළ නොහැකි අයිතිය වෙනුවෙන් දක්වන නොසැලෙන සහයෝගය ශ්‍රී ලංකාව නැවත තහවුරු කරයි.


