සෙවනගල උක් කර්මාන්තය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් - ඇමති සුනිල් හඳුන්නෙත්ති

 සෙවනගල උක් කර්මාන්තය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් - ඇමති සුනිල් හඳුන්නෙත්ති
  • SocialShare:

දේශපාලන වුවමනාවන් මත සෙවනගල උක් කර්මාන්තය කඩාකප්පල් කරමින් , ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට  ඇතැම් පිරිස් උත්සාහ දරන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

සෙවනගල උක් කර්මාන්තශාලාවේ ඇති වී ඇති තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරිම සඳහා ඊයේ(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

උක් ගොවීන්ගේ ප්‍රවාහන ගෙවීම් සහ ඇඩ්වාන්ස් (advance) ගෙවීම් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු  කර තිබියදීත්, සැලසුම්සහගත ලෙස සෙවනගල උක් වගා ගිනි තැබීමක් සිදු කර ඇතැයිද ට්‍රැක්ටර් සංගමය වර්ජනයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය අගොස්තු 16 සිට 24 දක්වා කාලය තුළ අවස්ථා කිහිපයකදීම බාහිර ගොවීන් උක් වගාකරන ප්‍රදේශවල ගිනි තැබීම් කිහිපයක් සිදු වී ඇති බවත්, මේ වන විට උක් ගොවීන් 53 දෙනෙකුට අයත්, මෙට්ට්‍රික් ටොන් 12,840ක උක් යායක් ගිනි තබා ඇතැයිද කීය. මෙය සැලසුම්සහගත ක්‍රියාවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගින්නෙන් පිළිස්සෙන උක් දඬු  යම් ප්‍රමාණයක් මිලදී ගන්නා බවත්,  එහෙත් ගිනි ගත් උක් දඬු  කැපීමේදී කර්මාන්ත ශාලාවේ උක් දඬු කපන කටර් යන්ත්‍ර කැඩී යාමේ අවධානමක් ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත්, අපරාඡ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.