පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු සැමරුම් උත්සවය

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු සැමරුම් උත්සවය
  • SocialShare:

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සැමරුම ඊයේ (01) මහජන ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ හා පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ද සිල්වා මහතාගේ සබභාගීත්වයෙන් කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය  බලකා පුහුණු පාසලේදී පැවැත්විණි.

1948 වසරේ සැප්තැම්බර් මස  වැනිදා යාපනය ටික්කම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ගමන් ගත් ට්‍රක් රථයක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් අටවන ලද බෝම්බයක හසුව නිලධාරීන් සිව් දෙනෙකු මියයාම හ නිලධාරීන් එකොළොස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය මුල් කර ගනිමින් හා මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදු පොලිස් විශේෂ කාර්ය බලකායේ සියළු නිලධාරීන් සිහිපත් කිරීම වෙනුවෙන් සෑම වසරකම සැපුතැම්බර් මස 01 වන දිනට පොල්ස් විශේෂ කාර්ය බලකා රණවිරු දිනය සමරනු ලබයි.

උතුරු නැගෙනහිර පැවති ත්‍රස්තවාදි යුධ සමයේ සිට මේ දක්වා විවිධ ක්‍රියාන්විතයන්වලදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 464 දෙනෙකු සහ සිවිල් සේවකයින් 06 දෙනෙකු මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීයභාවය වෙනුවෙන් දිවි පුදා ඇති අතර ,නිලධාරීන් 774 දෙනෙකු තුවාල ලබා හා පූර්ණ අබාධිත තත්ත්වයට පත්ව ඇත.

මාතෘ භූමිය වෙවෙන් දිවිපිදු සෑම පොලිස් විශේෂ කාර්ය බලකා  රණවිරුවකුම මෙහිදී සිහිපත් කරන ලද අතර , මෙම අවස්ථාවට සමගාමීව රණවිරු පවුල්වල අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට පාසැල් උපකරණ බෙදා දීමක් ද සිදු කෙරිණි.