අකර්මණ්‍යව තිබූ බඩල්ගම කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව යළි සක්‍රීය කිරීමට සැලසුම්

අකර්මණ්‍යව තිබූ බඩල්ගම කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව යළි සක්‍රීය කිරීමට සැලසුම්
  • SocialShare:

මිල්කෝ ආයතනයට අයත්, බඩල්ගම  පිහිටි කිරි නිශ්පාදන කර්මාන්ත ශාලාවෙන් නිපදවන කිරි ලීටර් ලක්ෂ 04 දක්වා වැඩිකර ගැනීමට සැලසුම් සකස් කර ඇතැයි,  මිල්කෝ ආයතනයේ සභාපති  හේමජීව ගෝඨාභය මහතා පැවසීය.

බඩල්ගම  ප්‍රදේශයේ පිහිටි මිල්කෝ ආයතනයට අයත් කිරි නිශ්පාදන කර්මාන්ත ශාලාවේ ඊයේ(17) සිදු කළ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

බඩල්ගම  ප්‍රදෙශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව මිල්කෝ ආයතනය විසින් 2015 දී ආරම්භ කළ අතර ,2015 සිට 2022 වසර දක්වා ඉදිකිරීම් සිදු කළ නමුන් 2022 පසු මෙම ඉදිකිරීම් අඩාල  වී තිබේ.

එදා සිට අද දක්වා සම්පූර්ණ කාලය තුල මෙම භූමිය කැලෑවෙන් වැසී තිබූ අතර,  ‍ගොඩනැගිල්ලේ තිබූ යන්ත්‍ර සූත්‍රද හානියට පත් වී තිබේ.  මෙමගින් රජයට දළ වශයෙන් බිලියන 18 කට අධික මුදලක් පාඩු සිදු වී ඇතැයිද ඒ මහතා පැවසීය.

කෝටි 18කට අධික මුදලක් වියදම් කර ඇතත් මෙම කර්මාන්ත ශාලාවෙන්, එක කිරි බිංදුවක් හෝ නිශ්පාදනය කර ගැනීමට නොහැකිව දැවැන්ත නාස්තියක් සිදුව ඇතැයි සභාපතිවරයා පෙන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් දිනකට පාස්ටටයිස් කිරි ලීටර් 60000 ක් සහ USP කිරි ට්‍රැක් පැක් ආකාරයෙන්  දළ වශයෙන් ලීටර් 70000 ක් නිෂ්පාදනය  කිරීමේ හැකියාව මෙම කර්මාන්ත ශාලාවට ඇති බවත් ඉදිරියේදී එම කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.