වැටුප් වැඩිකර තිබියදීත් සේවකයින් සිදුකරන වර්ජනය අසාධාරණයි - තැපැල්පති

වැටුප් වැඩිකර තිබියදීත්  සේවකයින් සිදුකරන වර්ජනය අසාධාරණයි - තැපැල්පති
  • SocialShare:

වැටුප් වැඩිකර තිබියදීත් තැපැල් සේවකයින් සිදුකරන වැඩ වර්ජනය අසාධාරණ බව තැපැල්පති එස්.ආර්.ඩබ් .එම් ආර්.පී. සත්කුමාර මහතා පවසයි.

ඊයේ(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තැපැල්පතිවරයා මේ බව පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ඊයේ(17) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයිද කීය.
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළද එම ඉල්ලීම් බොහොමයක් සඳහා මේ වන විටත් විසඳම් ලබා දී ඇතැයිද තැපැල්පතිවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් තැපැල්පතිවරයා පැවසුවේ රාජ්‍ය නිලධාරින් වශයෙන් රජයේ ප්‍රතිපත්තිවලට කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකි බවයි.