ශ්‍රී ලංකාවේ වී වගාවේ ඒකක බිම් ප්‍රමාණයක අස්වැන්න, වැඩි කිරීමත්, වී වගාව සදහා නව තාක්ෂණ උපකරණ යොදා ගැනීම සඳහා ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින පැවැත්වෙන වී වගා ක්ෂේත්‍ර දිනය අද(18) දෙවන දිනටත් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී පැවැත් වේ.
මෙහි සමාරම්භක වැඩසටහන් ඊයේ(17) පැවැත් වූ අතර, බතලගොඩ වී පර්යේෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන සක්‍රීය කරගත යුතු බව ඊයේ පැවති සමාරම්භක උත්සවයට එක්වෙමින්, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
කෘෂිකර්මාන්තයේදී අඩු භූමියකින් වැඩි ඵලදාවක් ලබා ගත හැකි ක්‍රමවේද භාවිතා කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහිදී වී ප්‍රභේදවල විකාශනය , නව වී ප්‍රභේදයක් නිපදවීමේ ක්‍රියාවලිය දැනට නිර්දේශ කර ඇති වී ප්‍රභේද අයහපත් පාරිසරික තත්ත්වවලට ඔරොත්තු දීෆම් ප්‍රභේද තෝරා ගැනීමේ පර්යේෂණ ආදර්ශන වී අතිරික්ත ක්‍රියාවිලය වේගවත් කර ගැනීමේ නව ක්‍රමවේද ආදර්ශන ආදීකරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.


