විද්‍යුත් මාධ්‍ය ආයතනවල හා මාධ්‍ය සංවිධානයන්හී ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානයකළ කෙටි කාලීන පුහුණු වැඩසටහනක් ඊයේ(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. බණ්ඩාර මහතාගේ උපදෙස් මත, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය හා පර්යේෂණ අංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි. මාධ්‍යවේදියාගේ කාර්යභාරය,මාධ්‍යයේ වගකීම සහ මාධ්‍යෙය් විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් සහ මාධ්‍යවේදීන් සිය වෘත්තීය අභියෝග ජයගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ලාල් හේමන්ත,උපේන්ද්‍ර හේරත්,අනිල් ද සිල්වා යන ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත් වුණු මෙම වැඩසටහන සඳහා පෞද්ගලික සහ රජයේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


