විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අගමැතිනිය හමුවෙයි

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අගමැතිනිය හමුවෙයි
  • SocialShare:

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිලිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරතන, ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

විශ්වවිද්‍යල ආචාර්යවරුන් මුහුණ දෙන වැටුප් ගැටලු පිළිබඳව මෙහිදි රජය දැනුම්වත් කිරීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කටයුතු කළේය.
එහිදී 2025 වසරේ සිදු කළ වැටුප් වැඩි කිරීමේදී රාජ්‍ය සේවකයන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම අතර වෙනසක් පවතින බවත්, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් සහ ආචාර්යවරුන් අතර ද වැටුප් වැඩි කිරීමේ දී විෂමතාවක් නිර්මාණය වී ඇති බවත් මෙහිදී විශ්වවිදයාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසීය.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින තාක්ෂණික කාරණා පිළිබඳ අදාළ නිලධාරීන් සමග පළමුව සාකච්ඡා කිරීමටත්, එළඹෙන තීරණ අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමටත් එහිදී තීරණය විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති අනුරුද්ධ කරුණාරත්න, ලේකම් චාරුදත්ත ඉලන්ගසිංහ යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.