නිල සංචාරයක් සඳහා චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙයි

නිල සංචාරයක් සඳහා චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙයි
  • SocialShare:

මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු වන්ග් වෙන්ටාඕ (Wang Wentao) මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඒ මහතා පිළිගැනීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගී විය.

මෙම නිල සංචාරයේදී ගරු වන්ග් වෙන්ටාඕ මහතා මැයි 29 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-චීන ආර්ථික සහයෝගීතා ඒකාබද්ධ කමිටුවේ 8 වන සැසිවාරයට සහ මැයි 30 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-චීන ආයෝජන සහ ව්‍යාපාරික සංසදයට ද සහභාගී වීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.