විදේශ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

විදේශ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්
  • SocialShare:

මෙම වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට මැයි මස 25 වැනිදා දක්වා විදේශීය සංචාරකයින් 1,006,097ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමත්‍යංශය පවසයි.

මැයි මස 24 වැනි දින සංචාරකයින් මිලියනක සීමාව පසු කළ අතර එය ඕනෑම වසරක් තුළ අඩුම කාලයකින් සංචාරකයින් මිලියනක සීමාව පසු කළ වාර්තාව බවට පත්වන බව ද එම අමාත්‍යංශය පෙන්වා දේ.
සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කිරීමේ අරමුණින් විවිධ ක්‍රියාමාර්ග රජය ක්‍රියාත්මක කර ඇති බවත් මේ වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 03ක් ආකාර්ෂණය කරගැනීම රජයේ ඉලක්කය වී ඒ අනුව ඇති බවත් සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම 2025 වසර “සංචාරක පුනරුද වසර“ ලෙස නම් කර සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ගේ ධාරිතා වර්ධනය කිරීම ඇතුලු වැඩසටහන් රැසක් ඉදිරියේදී සැලසුම් කර තිබෙන බවද එම අමාත්‍යංශය පෙන්වා දේ.
තවද සංචාරකයින්ට සේවා සහ පහසුකම් සැපයීමට පෞද්ගලික අංශය ඇතුලු විවිධ පුද්ගලයන් දක්වන අනගි දායකත්වය සංචාරක පුනරුදයට රුකුලක් වී තිබෙන බවත් සංචාරකයින් මිලියනක ඉලක්කය සපිරීම වේගවත් කළ බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.