හෙට (06) ඇරඹෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු අනන්‍යතා කිහිපයක් පවතින බවත් එම අනන්‍යතා ලේඛන වලින් එකක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළ වෙත රැගෙන යන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (04) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.
පැරණි හෝ නව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කළ ලිපිය, පූර්ණ ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත, කිසිදු හැඳුනුම්පතක් නොමැති අය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත, මෑතකදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ ඡායාරූපය සහිත තාවකාලික රියදුරු බලපත්‍රය යන මෙම ලේඛන මෙවර ඡන්ද විමසීම සඳහා වලංගු අනන්‍යතා ලේඛනයන් ලෙස භාවිතා කරන බවද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉහත අනන්‍යතා ලේඛය වලින් එකක් අනිවාර්යයෙන්ම ඡන්ද පොළ වෙත රැගෙන යායුතු බවද අවධාරණය කළේය.
වෙනත් කිසිදු ලේඛනයක්, කාර්යාල හැඳුනුම්පතක්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැඳුනුම්පතේ කුවිතාන්සිය හෝ එවැනි කිසිදු ලේඛනයක් වලංගු අනන්‍යතා ලේඛනයක් ලෙස ඡන්ද පොලේදී භාවිතා කළ නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.