පළාත් පාලන ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්

පළාත් පාලන ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්
  • SocialShare:

හෙට (06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම  සඳහා සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල්. රත්නායක මහතා  පැවසීය.

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයන් තෝරා පත් කර ගැනෙන 2025 පළාත් පාලන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7 සිට සවස 4 දක්වා  පැවැත් වේ.

මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක් බැවින් ඒ ඒ නිලධාරීන් දන්වා ඇති පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද ඒ මහතා පැවසීය.

පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයින් සඳහා අද (05) සහ  ඡන්දය පැවැත්වෙන හෙට(06)  දිනය තුළ ද,  තමන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි බව බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.