සිරි දළදා වන්දනාවට මහනුවර නගරයට නැවත දැනුම් දෙන තුරු නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි .
අද (24) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම ඉල්ලීම සිදුකළේය.
මේ වන විට සිරි දළදා වන්දනාවට ලක්ෂ 04කට ආසන්න බැතිමතුන් ප්‍රමාණයක් මහ නුවර නඟරයට පැමිණි සිටින බවත්, එම බැතිමතුන්ට දළදා වන්දනාවට තව දින 04ක් හෝ 05ක් ගතවනු ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
එමෙන්ම මහනුවර නගරය සීමා සහිත නඟරයක් බැවින් මේ වනවිට පැමිණ සිටින බැතිමතුන් සංඛ්‍යාව නඟරයට දරා ගත නොහැකි බවත් , තවදුරටත් බැතිමතුන් නගරයට පැමිණියහොත් එම තත්වය කළමනාකරණයට අපහසු වන බවද පෙන්වා දුන්නේය.
බැතිමතුන් සඳහා ආහාරපාන සැපයීම සිදුකළත්, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව සැපයීම දුෂ්කර වී ඇතැයිද, පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා දළදා වන්දනාවට ගම්බිම්වලින් පිටත් නොවන ලෙසද ඉල්ලා සිටියේය.
තව දුරටත් බැතිමතුන් මහනුවර නඟරයට පැමිණියාහොත්, සෞඛ්‍ය සහ ආපදා තත්ත්වයක් වුවද ඇති විය හැකි බවද හෙතෙම පෙන්වාදුන්නේය.
ශ්‍රි ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව ,පළාත් සභාව හා ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව, දළදා වන්දනාවට පැමිණ සිටින බැතිමතුන්ට උපරිමයෙන් පහසුකම් සපයා ඇතිබවත් එම කළමනාකරණ කටයුතු නිසියාකාරව සිදුවන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.