ජනතාවට මිත්‍රශීලී සේවාවක් ලබා දීමට කැපවෙනවා - නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

ජනතාවට මිත්‍රශීලී සේවාවක් ලබා දීමට කැපවෙනවා - නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්
  • SocialShare:

ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව පරිපාලනය කැපවිය යුතු බවත් වංචාවෙන්, දූෂණයෙන් තොර ව, රජයේ පුනරුද ගමන සමග එක්වෙමින් ඉදිරියට ගමන් කළ යුතු බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්, කමල් අමරසිංහ මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමිනි.
පසුගිය කාලයේ කළු කර තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) විධිමත් කළ යුතු බවත් විගණනයට වගකියන මහජන සේවයක් උදෙසා කැපවෙන ලෙසත් කෝපා කමිටුව ඉදීරියේ පෙනී නොසිටීමට විනිවිදභාවයෙන් වැඩ කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ ප්‍රතිපත්තිවලට අනුව මහජන හිතෛෂී, ආදර්ශමත් සේවාවක් ඉදිරියේ දී ලබා දෙන බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අපේක්‍ෂා කරන ඉහළ මට්ටමේ සේවාවක් ජනතාවට ලබාදීම අරමුණ වන බවත් විධිමත්, ඵලදායී, මිත්‍රශීලී සේවාවක් වෙනුවෙන් තමා ඇතුලු කාර්ය මණ්ඩලය කැපවෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, කමල් අමරසිංහ මහතා එහිදී පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.