පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය මෙන් ම ප්‍රාදේශීය සභා මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නඩු තීන්දුව කතානායකවරයාට ලබා දීමට නියමිත වන බව පැවසූ ඒ මහතා ප්‍රාදේශීය සභා පනතේ සිදු කළ යුකු සංශෝධනවලින් අනතුරුව එම මැතිවරණය ද පැවැත්වීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පැවැති ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් තිදෙනෙක් සහ ඇතුලු දේශපාලන පක්ෂ , ස්වාධීන කණ්ඩායම් 13ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව පෙන්වා දුන් ඒ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව 1064 ක පිරිසක් ද ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පොලීසියට පැමිණිලි කර ඇති බව පැවසූ සභාපතිවරයා කොමිෂන් සභාවේ වගකීම වන්නේ ආදායම් වියදම් වාර්තා ප්‍රදර්ශනය කිරීම සහ එම වාර්තා ලබා නොදුන් පිරිස් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීම බවද අවධාරණය කළේය.