ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරොව් දොර අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරොව් දොර අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය
  • SocialShare:

අක්‍රීය තත්වයේ පැවති පුත්තලම ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරරොව් දොර අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදීමට පසුගිය දා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරොව්ව විවෘත්ත කිරීමට භාවිතා කරනු ලබන ලීවරය අක්‍රීය වීම හේතුවෙන් සොරොව් දොර අක්‍රීයවි ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය දියයට අලුත්වැඩියා කටයුතු කිරීමට නාවික හමුදාවේ කිමිදුම් සහය ලබා දෙන ලෙසත්, පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය මඟින් නාවික හමුදා මුලස්ථානය වෙතින් ඉල්ලීමක් සිදු කෙරිණි.
ඒ අනුව, එම ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වු නාවික හමුදාව, ඒ සඳහා වයඹ නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කෙරිණි. එහිදී, කිමිදුම් කණ්ඩායම විසින් මහත් පරිශ්‍රමයක් යොදා එම සොරොව්වේ දොර සහ සොරොව්ව විවෘත කිරීමට භාවිතා කරනු ලබන ලීවරය අතර නැවත සම්බන්ධතාවය ඇති කිරීමට අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව, අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.