මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනායනය කරන්නේ නැහැ- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනායනය කරන්නේ නැහැ- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
  • SocialShare:

මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නොකරන බවත් වාහන බලපත්‍ර ලබා නොදෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

වාහන පවතින්නේ සංචිතයක බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජයේ ප්‍රතිපත්තිය පවතින්නේ මන්ත්‍රීවරයකුට වැඩකටයුතු කරගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය හරහා වාහනයක් ලබා දීම බවද හෙතෙම පැවසීය.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ අදාළ දිස්ත්‍රික්කය තුළින් වාහනය සපයා ගැනීමට කටයතු කළ යුතු බව පවසන අමාත්‍යවරයා  එසේම වසර පහක කාලය නිමා වීමෙන් අනතුරුව එම වාහනය නැවත භාර දිය යුතු බවද අවධාරණය කළේය.

රජයේ ප්‍රමුඛතාවය මන්ත්‍රීවරුන්ට වාහන සැපයීම නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ආර්ථිකය ස්ථාවර කරමින් පවතින මෙම අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට ප්‍රවාහ පහසුකම් සැළසීම සම්න්ධයෙන් යොජනා ඉදිරිපත් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related Articles

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.