අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල පද්ධතිය උප කුලපතිවරුන්ගේ පාලනයට නතු කර තිබෙනවා

    නොවැම්බර් 18, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ජේ.වී.පී, පෙරටුගාමී සහ එල්.ටී.ටී.ඊ පාලනය කළ විශ්වවිද්‍යාල පද්ධතිය අපේ රජය යටතේ උප කුලපතිවරුන්ගේ පාලනයට යටත් කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල වසරින් වසර වැඩි කර තිබෙන බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දොළොස් වැනි දින විවාදයට එක්වෙමිනි.

    ඊයේ පස්වරුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ 171 හා 214 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    අධ්‍යාපනය සඳහා රජය රුපියල් බිලියන 287.9ක් වෙන් කර තිබෙනවා. එය දළ ජාතික නිෂ්පාදනයෙන් 2.54%කි. මෙයට පළාත් සභාවලට වෙන් කර ඇති මුදල් ඇතුළත් වන්නේ නැහැ. විශ්වවිද්‍යාලවලට මුදල් අඩු කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවයි. වසර 2006 දී එක් සිසුවෙකුට වෙන් කළේ රුපියල් 29,000යි. නමුත් අද එක සිසුවකුට රුපියල් දෙලක්ෂ අසුනව දහසක් වැය කරනවා යැයි ඔහු සඳහන් කළේය.

    එජාප කාලේ නේවාසිකාර හැදුවේ රුහුණේ පමණයි. අද පරීක්ෂණ නිබන්ධන 4,239ක් එළිදක්වා තිබෙනවා. පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාල සමඟ එකතුවන පෞද්ගලික ආයතනවලට බදු සහන ලබා දී තිබෙනවා. 87 සිට 89 දක්වා විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සිදු වූයේ නැහැ. ඒවා දේශපාලන කඳවුරු වුණා. විශ්වවිද්‍යාල තුළ නිදහස හදන්න අපි පියවර ගන්නවා. පිටස්තර කථිකයෙකුට විශ්වවිද්‍යාලයට එන්න දෙන්නේ නැහැ. තාක්ෂණ විශ්වවිද්‍යාල මණ්ඩපයක් හදනවා. විශ්වවිද්‍යාල සඳහා වෙන් කරන මුදල 100% දක්වා වැඩිකිරීමට පියවර ගන්නවා. විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ඇති කර තිබෙනවා. පාඨමාලාවල අගය ඉහළ දැමීමට පියවර ගන්නවා යැයි ද ඔහු කීය.

    ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ පත්වීම ගැන කතා කිරීමේදී කළමනාකරණ පීඨාධිපති ලෙස ඔහු විශාල සේවයක් කළා. යාපනය විශ්වවිද්‍යාලය සනාථන මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කිරීමට නම් ඉදිරිපත් කළ අය අතර තිදෙනෙකුට එල්.ටී.ටී.ඊ. චෝදනා තිබෙනවා. උසස් තාක්ෂණ ආයතනවල ඩිප්ලෝමා ලබන අයට උපාධිය ලබා ගැනීමට ආධාර පාඨමාලාවක් ආරම්භ කරනවා. හෙද විද්‍යාලවලටත් මෙය හඳුන්වා දෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya