මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් වැඩි ම මුදලක් වැයවෙන්නේ වැටුප් ගෙවීමටයි

    නොවැම්බර් 04, 2014

    නගරය අලංකාර කිරීම හරහා ජනතාව නිරෝගී පුද්ගලයන් බවට පත් කිරීමට පියවර ගැනීම සතුටුදායක බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් වැඩි ම මුදලක් වැයවෙන්නේ වැටුප් ගෙවීමට බවත් කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    යුද්ධය නිම වී තර්ජිත ගම්මාන නැති වූ පසු සිවිල් ආරක්ෂක බලකාය රටේ සංවර්ධනයට කෙළින් ම දායක වෙනවා. මරාගෙන මැරෙන බෝට්ටු සමඟ සටන් කළ ලෝකයේ එක ම නාවුක හමුදාව අපේ නාවුක හමුදාවයි. තලෙයිබාන් කොටි ත්‍රස්තවාදීන් අවසන් කිරීමට නේටෝ හමුදාවට බැරි වුණත් අපි කොටි ත්‍රස්තවාදීන් අවසන් කළා. ජාත්‍යන්තර වශයෙන් කොටියා අවසන් කරන තුරු උතුරේ හමුදාව සිටිය යුතුයි. දෙමළ සන්ධානය මේ රටේ දෙමළ ජනතාවට ගෙනවිත් ඇත්තේ ව්‍යසනයයි. ඔවුන් මේ සභාවේ සිටිය යුතු නැහැ. තහනම් කළ යුතුයි. මොවුන් රට අවමානයට ලක් කරනවා. යාපනයේ සිටි සිංහල මුස්ලිම් ජනතාව නැවත යාපනයේ පදිංචි කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya