අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා වැය ශීර්ෂය වැඩි ඡන්ද 103කින් සම්මතයි Featured

    නොවැම්බර් 04, 2014

    අද (04) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත 2015 යටතේ විවාදයට ගත් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ එන ශ්‍රී ලංකා යුද හමුදා වැය ශීර්ෂය වැඩි ඡන්ද 103න් පාර්ලිමේන්තුවේදී අද (04) සම්මත විය.


    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමෙන් අනතුරු ව අද පස්වරුවේ සම්මත කර ගැනීමට ඉදිරිපත් කළ විට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එහි එන ශ්‍රී ලංකා යුද හමුදා වැය ශීර්ෂය සම්බන්ධයෙන් බෙදීමක් ඉල්ලා සිටි නිසා ඡන්ද විමසීමක් පැවැත්විණි. මෙහිදී වැය ශීර්ෂයට පක්ෂ ව ඡන්ද 115ක් ද විපක්ෂ ව ඡන්ද 12ක් ද ලැබුණි. ඒ සමඟ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ද සම්මත විණි.


    එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මන්ත්‍රීවරුන් සභා ගැබේ නොසිටි අතර විරුද්ධ ව ඡන්දය ප්‍රකාශ කළේ ද්‍රජාස මන්ත්‍රීවරුන් හා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී (ස්වාධීන) අජිත් කුමාර මහතා පමණි.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya