මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ඉතිහාසයේ වැඩි ම විදේශ සංචිත රැස්කර තිබෙන්නේ මේ ආණ්ඩුවයි

    නොවැම්බර් 02, 2014

    2005 දී රුපියල් මිලියන 6,347ක් ව තිබූ මෙරට විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට රුපියල් මිලියන11,854ක් දක්වා වර්ධනය කර ගනිමින් මේ රටේ ඉතිහාසයේ වැඩි ම විදේශ සංචිත රැස්කර තිබෙන්නේ අපේ ආණ්ඩුව යැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    විසර්ජන පනත් කෙටුම්පත 2015 දෙවැනි වර කියැවීමේ විවාදයේ හත්වැනි දිනයේ විවාදයට ආණ්ඩු පක්ෂයේ අවසන් කථිකයා ලෙස එක් වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.


    ලෝකයේ කොන් වුණු දේශයක් බවට 2005 දී පත් ව තිබූ අපේ රට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාර ගත්තේ යුද්ධයක් සමඟයි. එදා ජාතීන් අතර වෛරය පැවතුණා. සංවර්ධනයක් කිබුණේ නැහැ. මහින්ද චින්තනය 2020 දක්වාත් ඉන් ඔබ්බටත් ගෙනයාම අරමුණු කරගෙන මේ අය-වැය ඉදිරිපත් කර තිබෙනවා.

     

    මව්කුස සිට මරණය දක්වා පුද්ගලයාගේ සංවර්ධනය පිණිස අවශ්‍ය පියවර ගත්තා.  ළමා හා මාතෘ  මරණ අවම කිරීමට  අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් දියුණු කළා.  වැසුණු පාසල් යළි විවෘත කිරීම නිසා පාසල් සංඛ්‍යාව 10,200දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනාධිපතිතුමාගේ පළමු ඉල්ලකය වූයේ රටට සාමය උදාකිරීමයි. ඒ සඳහා විශාල ආයෝජනයක්  කළා. ඒ සමඟම රටේ යටිතල පහසුකම් දියුණු කිරීමටත්  කටයුතු කළා.

     

    රාජ්‍ය සේවයට පිරිස් බඳවා ගත් අතර, රැකියා සුරක්ෂිත කිරීමමට පියවර ගත්තා. ඉඩම් නැති විශාල පිරිසකට මේ යෝජනාව මඟින් ඉඩම් ලබා දෙනවා. වී කිලෝවකට සහතික මිලක් නියම කිරීම මඟන් ජාතික ආර්ථිකයට මුදල් ලබා දුන්නා. නිෂ්පාදනය ඉහළට ගැනීමට දිරිදීම් ලබාදුන්නා. මේ නිසා ගොවීන් අතට විශාල මුදලක් ලැබෙනවා. සුළු අපනයන භෝග සඳහා  ලබාදෙන සහනයත් සියයට 25කින් පමණ වැඩි කළා. දේශීය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය දැනුම ගොවීන්ට ලබා දුන්නා. දිරිගැන්වීම් රාශියක් ලබාදීමත් ගෙවන මිල වැඩි කිරීම නිසා නිෂ්පාදනය ඉහළ යාමට හේතු වුණා. 2016 වන විට දේශීය දියර කිරිවලින්  ස්වංපෝෂිත කිරීමට හැකි වෙතැයි විශ්වාස කරනවා. මිරිදිය මත්ස්‍ය ගම්මාන 1,000ක් ඇති කරනවා. විසිතුරු මත්ස්‍ය වගාවට ගෘහනියන් යොමු කිරීම මඟින් විශාල ආදායමක් ලබා ගත හැකියි. ජංගම වෙළඳුන්ට පිළිගැනීමක් ලබාදී රැකියාව ස්ථාවර කරදුන්නා. කරවල වේලීමේ යෙදී සිටින අයට සහන ලබාදී තිබෙනවා. සංචාරකයින් ගේ පැමිණීම වැඩිවන විට මැණික් හා ස්වර්ණාභාරණ මිලදී ගැනීමට ඔවුන් පෙළඹවීම මඟින් රටට ආදායමක් ගන්න පුළුවන්. යටිතල පහසුකම් හොඳින් ඇති නිසා කර්මාන්තකරුවන්ට ඕනෑම ගමකට ගොස් කර්මාන්ත ඇති කළ හැකියි.

     

    ගමනාගමනය, විදුලිය, ජලය, බදු පහසුකම් ලබාදීම නිසා ව්‍යාපාරිකයින්ට මෙන් ම පාරිභෝගිකයන්ට පහසුව සැලසෙනවා. ගම ශක්තිමත් කර තිබෙනවා. අද විදුලිය නැති ගම් ඇත්තේ ස්වල්පයයි. මේ වසර අවසන්වීමට පෙර විදුලියත් දුරකතන පහසුකම් සැපයීමටත් කටයුතු කරනවා. පානීය ජලය සැපයීමට ජල යෝජනා රැසක් ක්‍රියාත්මක කරනවා. කොළඹ සිට රට වටා ජලය ලබාදීමට පියවර ගත්තා. තෙත් බිම් සඳහා ජලය සැපයීමට ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා. මහාමාර්ග සංවර්ධනය කර ඇති අතර, පාලම් 210ක් ඉදිකර තිබෙනවා. පෙරපාසල් හා හුදෙකලා පාසල් දියුණු වෙලා. ශාරිරික සුවතා මංතීරු ඉදිකර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා තිබෙනවා. අලින්ගෙන් ගම්මාන ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැට මෙන් ම ජීවිත හානිවන අයට වන්දි ගෙවීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    HC

    (සම්පූර්ණ කතාව)

    පංච මහා දැක්මක් මේ අය-වැය තුළින් ඉදිරිපත් කළා

    http://sinhala.news.lk/fetures/item/6870-2014-11-02-09-22-08

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya