අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැය දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද 100කින් සම්මතයි Featured

    නොවැම්බර් 01, 2014

    2015 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 100කින් ජයග්‍රහණය කළේ ය.

    අද පස්වරු 5.00 පසු වීමෙන් පසු ව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම සම්මත කර ගැනීමට කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඡන්දයට බෙදීමක් ඉල්ලා සිටි අතර දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා නම් වශයෙන් බෙදීමක් කරන ලෙස ඉල්ලා සිටියේ ය.


    ඒ අනුව නම් අඬගසා ඡන්දය විමසන ලද අතර ඡන්ද විමසීමෙන් පසු ව විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 157ක් ද විරුද්ධව ඡන්ද 57ක් ද ලැබී තිබුණි.


    විසර්ජන පනත් කෙටුම්පත සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කරන ලද අතර පනත් කෙටුම්පත කාරක සභාවට පැවරිය යුතු යැයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා යෝජනා කළේය. ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාදය ලබන සඳුදා (03) පෙරවරු 9.30ට ආරම්භ වේ.
     

    Hc

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya