අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම අංශයක් ම නියෝජනය වන පරිදි අය-වැයෙන් මුදල් වෙන් කර තිබෙනවා

    නොවැම්බර් 01, 2014

    මෙවර අය-වැය කතාවෙන් කිසිම අයෙකු අමතක කර තිබුණේ නැති බවත් සෑම අංශයක් ම නියෝජනය වන පරිදි අය-වැයෙන් මුදල් වෙන් කර ඇති බවත් පොල් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ හයවෙනි දින විවාදයට එක්වෙමිනි.

    ඇමරිකන් ඩොලර් 4,000ක ඒක පුද්ගල ආදායමක් ලැබීම, අයවැය හිඟය අඩුකර ගැනීමට මෙම යෝජනා මඟින් අපේක්ෂා කරනවා. ඒක පුද්ගල ආදායම වැඩිකර ගැනීමට ආයෝජන වැඩියෙන් යොදා ගත යුතුයි. රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. උක් ගොවියාගේ ආදායම වැඩි වී තිබෙනවා. නැගෙනහිර පළාතේ උක් වගාව සඳහා ලබාගත් ඉඩම් දෙන්නෙත් ඒ පළාතේ ජනතාවටයි. සීනි කම්හලක් රජයට ගැනීම නිසා ගොවියාට යහපතක් සිදු වෙනවා.පොල් ආශ්‍රිත කර්මාන්ත තුළ ආදායම ඉහළ ගොස් තිබෙනවා යැයි ඔහු පෙන්වා දුන්නේය.

    පසුගියදා සිදු වූ ඛේදවාචකයෙන් මිය ගිය හා අතුරුදන් පිරිස වෙනුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගේත් කනගාටුව ප්‍රකාශ කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya