අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අයවැයෙන් තරුණ තරුණියන් ලක්ෂ දෙකකට ඍජු රැකියා

    ඔක්තෝබර් 25, 2014

    මෙවර අයවැය මඟින් තරුණ තරුණියන් ලක්ෂ දෙකකට ඍජු රැකියා ලැබෙන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    විසර්ජන පනත් කෙටුම්පත (2015) පළමුවැනි වෙන් කළ දිනයේ විවාදය අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. විරුද්ධ පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ය. විවාදයට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.

    තරුණයන්, කම්කරුවන්, විශ්‍රාමිකයන්, රජයේ සේවකයන් උද්ඝෝෂණවලට කැඳවා ගැනීමට විපක්ෂය ගත් උත්සාහය මේ අයවැයෙන් පුස්සක් වූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජනාධිපතිතුමා මෙවර ඉදිරිපත් කළ අයවැය ජනතා අපේක්ෂාවන් ඉටුකරන එහෙත් විපක්ෂයේ බලාපොරොත්තු කඩවුණු අයවැයක් ලෙසයි මා දකින්නේ. මේ අයවැයෙන් සංවර්ධනයට පමණක් නොවෙයි සෑම පැතිකඩක් ම ආවරණය වන පරිදි සකස් කර තිබීම සුවිශේෂත්වයකි. දේශපාලන ස්ථාවරභාවයක් ඇති රජයක් ලෙස අපි ස්ථාවර ආර්ථිකයක් පවත්වා ගෙන යන්න කටයුතු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම අස්සක් මුල්ලක් නෑරම දැවැන්ත සංවර්ධනයක් සිදු කර තිබෙනවා යැයි ඔහු කීය.

    අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන විපක්ෂය සමච්චලයට ලක් කළත් 7%, 8%වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා. විපක්ෂය තර්ක ගොඩනගා ඇත්තේ වැරදි නිර්ණායක මතයි. ත්‍රස්තවාදී ක්‍රියා නිසා විනාශ වූ රටක් මෙතරම් හොඳ තත්ත්වයක් අත්කර ගත්තේ යහපත් මූල්‍ය කළමනාකරණය හා දේශපාලන ස්ථාවරභාවය නිසයි. ණය බර ගැන කතා කළත් එය එකතු වන්නේ ජාතික ධනයටයි. ජනතාවගේ ජන ජීවිතයට බලපාන කරුණුවලට සහන ලබාදීමට හැකි වූයේ මේ තත්ත්වය නිසයි. වාරිමාර්ග දියුණු කිරීමට විශාල වැඩකොටසක් කළා. බදුල්ලේ වැව් 100ක් ඉදි කළා යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya