මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015දී අය-වැය පරතරය 4.6%කට පහතට ගෙන ඒම රජයේ සැලසුමයි Featured

    ඔක්තෝබර් 25, 2014

    2015 දී අය-වැය පරතරය 4.6% දක්වා පහතට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙන බව අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     

    විසර්ජන පනත් කෙටුම්පත (2015) පළමුවැනි වෙන් කළ දිනයේ විවාදය අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. විරුද්ධ පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ය.

     

    විවාදයට එක්වෙමින් සරත් අමුණුගම මහතා මෙසේ ද පැවසීය. “මේ රටේ ආදායම හා වියදම අතර පරතරය අපි අඩුකරගෙන යනවා. 2009 දී 9.9%ක් වූ අය-වැය පරතරය 2013 වනවිට 5.98කටත් 2014 දී 5%කටත් අඩුකරගෙන තිබෙනවා.

     

    රටේ ආර්ථික වර්ධනය පසුගිය වසරේ 7.3%කට පත් වුණා. මේ වසරේ මුල් මාසල එය 7.4%ක මට්ටමක පවතිනවා. මේ සර අවසන් වනවිට 7.8%ක ප්‍රශස්ත ආර්ථික සංවර්ධන වේගයක් රජය බලාපොරොත්තුවෙනවා. කෙටිකාලීන ආර්ථික සංවර්ධන රාමුව තුළ 7.5% සිට 8% දක්වා ආර්ථික වර්ධනයකට රට ගෙනයාමේ සැලසුමකට අනුව ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා.

     

    උද්ධමන වේගය 5.5% - 6%ත් අතර රඳවාගෙන තිබෙනවා. අපේ බලාපොරොත්තුව මේ ටේ ඒකපුද්ගල අදායම අමෙරිකානු ඩොලර් 7000 සිට 10000 දක්වා ගෙන යාමටයි. මේ රටේ විදේශ සංචිත කිසිදාක නැති තරමට අමෙරිකානු ඩොලර් බිලියන 10ක තත්ත්වයකට වර්ධනය කර තිබෙනවා. අපේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය ඉතා ම සාර්ථක බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍යායතන පිළිගෙන තිබෙනවා. මේ රටේ සංවර්ධන වේගය, එක් පුද්ගල ආදායම් වර්ධනය, උද්ධමනය අඩු මට්ටමක පැවතීම නිසා තමයි අපේ බැඳුම්කරවලට ආයෝජන ලැබෙන්නේ. ඒ නිසා තමයි අපට වේගයෙන් සංවර්ධන වීමට හැකි වී තිබෙන්නේ.

     

    සමාජ සුභසාධනය තුළින් ම සංවර්ධනයකට යා හැකි යි කියන නව දර්ශනයකටයි අප කටයුතු කරන්නේ. සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා අපි පියවර ගෙන තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය සංවර්ධනයට ැඩි ැදගත් කමක් දී තිබෙනවා. ඔවුන්ට මේ අයවැයෙන් ඩි සාධාරණත්වයක් ඉටුකර තිබෙනවා.

     

    උසස් මානව සම්පතක් ඇති කිරීම වෙනුවෙනුයි අපි මේ අයවැයෙන් වැඩියෙන් මුදල් වෙන් කරන්නේ. උසස් අධ්‍යාපනයට විශාල වශයෙන් අවධානය යොමුකර තිබෙනවා.

     

    ඊළඟට සමාජ ස්ථරයේ පහළම අයට අතදීම මේ අයවැයෙන් සිදුකර තිබෙනවා. ආබාධිත වේවා, අඩු ආදායම්ලාභීන් වේවා ස්වාභාවික ආපදාවලට ලක් වූ අය වේවා එමෙන් ම වකුගඩු ආබාධ වැනි සෞඛ්‍යමය වශයෙන් අසරණබවට පත් වූ අය වැනි සියලු සමාජ කොටස්වලට සහන සලසා තිබෙනවා.

     

    අපේ රට මාල දිවයින් වගේ නොවෙයි. අපේ කෘෂිකර්මය ඉතා හොඳින් දියුණු වෙනවා. අපි අද සහලින් ස්වයංපෝෂිත වූ රටක්.  අපේ ප්‍රතිපත්තිය අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම දෙයක් ම නිෂ්පාදනය කිරීමයි.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya