අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''බුද්ධ රශ්මි'' ජාතික වෙසක් මංගල්‍යය අප්‍රේල් 29, 30 මැයි 01 හා 02 දිනවල

    අප්‍රේල් 28, 2018

    හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික  වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු
    කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය අප්‍රේල් 29 වන දින ප.ව 7.00ට අරලියගහ මන්දිරයේ දි ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

    මෙම ප්‍රදර්ශනය අප්‍රේල් 29,30 මැයි මස 01 හා 02 දිනයන් හිදි පැවැත් වේ. අප්‍රේල් 29 වන දින ප්‍රදර්ශනය විවෘත  කිරිමෙන් අනතුරුව පසු දින අලුයම 4.00 දක්වාත් අනෙකුත් දිනවල එනම් අප්‍රේල් 30, මැයි 01 හා 02 දින පෙ.ව  9.30 සිට පසු දින අලුයම 4.00 දක්වාත් පැවැත් වේ.

    ඉන්දියාවේ සාරානාත් හි පිහිටි මුලගන්ධ කුටි විහාරයේ තැම්පත් කොට ඇති බුදුන් වහන්සේගේ අස්ථි  ධාතූන්වහන්සේ, පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැම්පත් කොට ඇති බුදුන්  වහන්සේගේ ධාතූන් වහන්සේ හා මදුරාසියේ නාගාර්ජුනකොණ්ඩහි පිහිටි ස්තූපයකින් ගන්නා ලද ධාතුන්  වහන්සේලා සහ ශ්‍රි ලංකාවෙන් සොයා ගන්නා ලද නීලගිරි ධාතූන් වහන්සේ මෙහිදි වැඳ පුදා ගැනිමට ජනතාවට  ඉඩ සළසා ඇත.

    මෙයට අමතරව නේපාලයේ ලුම්බිණි හා තිලෝරකොට් කැණීම්වල දි සොයා ගනු ලැබු කෞතුක වස්තූන් 09  ක්,භූතානයේ සිට ගෙන්වනු ලබන 16 වන සියවසට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා සීගිරියේ කැණීම්වලින්  මෑතක දි සොයා ගනු ලැබු පුරා වස්තු ඇතුළු වටිනා කෞතුක භාණ්ඩ රැසක් ද මෙහි ප්‍රදර්ශනය කිරිමට නියමිතය.

    පාකිස්ථානයේ සිට වැඩ ම කරවනු ලබන ධාතුන් වහන්සේ මැයි මස 03 වැනි දින සේදවත්ත වෙහෙරගොඩ පුරාණ  විහාරස්ථානයේ දි ද මැයි මස 16 වන දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දි ද එයට අමතරව මැයි  මස 04 වන දින සිට මැයි මස 15 වන දින දක්වා කළුතර, ගාල්ල, මාතර,කුරුණෑගල,අනුරාධපුරය සහ මහනුවර  දිස්ත්‍රික්කවල විහාරස්ථාන 06 දී ද ප්‍රදර්ශනය කිරිමට නියමිත බව ගංගාරාම විහාරධිකාරි පුජ්‍ය කිරින්දේ අස්සජි  හිමියෝ පැවසු හ.

    අරලියගහ මන්දිරයේ පැවැත්වෙන සර්වඥධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කෙරෙන ශාලාවේ  රාජ්‍ය ආයතන 26ක හා පළාත් සභා 07 ක ප්‍රදර්ශන කුටි ද විවෘත කොට තැබෙන බව ද ගංගාරාම බුද්ධ රශ්මි
    වෙසක් කලාපයේ වෙසක් කුඩු 220 ක් වෙසක් තොරණ 02ක් සංස්කෘතික සංදර්ශන හා දන්සැල් ද පැවැත් වෙන බවද  ගංගාරාම විහාරාධිපති පුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියෝ පැවසූ හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya