ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අයිතියට මුවා වෙමින් ඇතැම් මාධ්‍ය නාලිකා සාවද්‍ය ප්‍රවෘත්ති පළ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද(20) පාර්ලිමේන්තුවේදී විශේෂ අමාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
දිගින් දිගටම අසත්‍ය පුවත් වාර්තා කරන මෙම මාධ්‍ය ආයතනයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිය අප්‍රසාදය පළ කර සිටියේය.
ජනතාවට ප්‍රවෘත්ති දැන ගැනීමට තිබෙන අයිතියට මුවා වෙලා සාවද්‍ය ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා වෙන බවද අමාත්‍යවරයා පැවසීය. මාධ්‍යවේදීන් මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බවද මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇතැම් නාළිකා මෙලෙස අසත්‍ය පුවත් වාර්තා කරමින් මේ රටේ කැළඹීම් ඇති කිරීමට උත්සාහ දරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මීට පෙරද මෙම පුවත්පත ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්තියක් වාර්තා කළ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
නොවැම්බර් 25,26 වෙද්දී උතුරේ සැමරුම් ගැන කියන්න මේ වෙද්දී එම පුවත් හදාගෙන ඇති. රටේ ජනතාව තුළ කැළඹීම් ඇති කරන්න, සාමය කඩන්න මෙලෙස එම පුවත්පත් උත්සාහ කරනවා. එම නාලිකාවම මේ ගැන උදේ පත්තර විස්තරවලට කියනවා. කිසිම මූලාශ්‍රයක් නැති පුවත් මවමින් රටේ මහජනතාව තුළ කැළඹීම් ඇති කරන්න උත්සාහ කරනවා. මෙය කඩාකප්පල්කාරී වැඩක්.මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයකින් හෝ ලේකම්වරයෙක් හෝ වගකිවයුතු නිලධාරියෙක්ගෙන් අහන්න තිබුණා.ඔවුන් රටේ සාමය කඩන්න මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කරනවා.
මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගනිමින් ජනතාවට ඇත්ත දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පෞද්ගලික පුවත්පත් මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


